Friday, January 9, 2015

සුබ අනාගතයක් | Wish You a Bright Furute



අභිනව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, අභිනව අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් සුබ පතමි. එමෙන්ම එතුමන්ලා විසින් රටේ අනාගතය උදෙසා සිදු කිරීමට බලාපොරොත්තුවන සියළු යහපත් වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතන්නෙමි. 

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත්වීම මා හට කණගාටුදායක සිදුවීමක් වුවත් බහුතර ජනතා කැමැත්ත එය නම් ඒ ජනතා කැමැත්තට හිස නමමි.

මම 2004 වර්ෂයේ සිට ශ්‍රී.ල.නි.ප ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලනය කළ පුද්ගලයෙක්මි. හෙටත් සයිබරයේ මෙන්ම මහපොළොවේදීත් දේශපාලනයේ යෙදෙමි. ඒ දේශපාලන කටයුතු සඳහා ඔබ සැමගේ සහයෝගය අද මෙන්ම හෙටත් ලබා දෙන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

ස්තූතියි...

No comments:

Post a Comment