Wednesday, February 22, 2017

අපේ අකුරුවලට වටිනාකමක් ලැබී ඇත්තේ ය!!!




අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට අයදුම් කිරීමේදී තාක්ෂණික දුර්වලතාවයක් නිසා විශ්ව විද්‍යාල වරම අහිමි වූ මොණරාගල, පස්සර, කොටමුදුන ගමේ සෞම්‍යා උදේශිකා සිසුවියගේ කතාව ඔබ බොහෝ දෙනෙක් දන්නේ ය. ඒ පුවත මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ සැනින් ඒ ගැන සමාජ මාධ්‍ය අවධානය යොමුවී ඇයට සාධාරණයක් ඉටුවිය යුතු බවට විශාල හඬක් පසුගිය සතියක දෙකක කාලයේදී නැගුනේ ය. ඒ හඬේ ප්‍රභලත්වය බලධාරීන්ටද ඇසී ඇත්තේ ය. ඇයට සාධාරණයක් ඉටුවී ඇත්තේ ය. සෞම්‍යා උදේශිකාට සුබ පතන ගමන්ම, නිසි විසඳුමක් ලබාදීමට මැදිහත් වූ සියළුම බලධාරීන්ට අපගේ ස්තූතියද හිමිවන්නේ ය.

තමන්ට ලැබුණ සරසවි වරමින් නිසි ප්‍රයෝජන ගෙන තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ, තමන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව කතා කළ මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් යමක් කිරීම සෞම්‍යා උදේශිකාගේ යුතුකමක් සහ වගකීමක් ය. ඒ යුතුකම සහ වගකීම ඇය කොයි ආකාරයට ඉටුකරාවිද යන දේ බලා ගත හැකිවන්නේ කාලයට ඉඩදීමෙන් පමණක්ම ය.

සෞම්‍යා උදේශිකා හෙට දිනයේ විද්‍යාර්ථියක වශයෙන් කැළණිය විශ්ව විද්‍යාලයට යනු ඇත්තේය.

මිත්‍රවරුණි, අපේ අකුරුවලට වටිනාකමක් ලැබී ඇත්තේ ය!!!

No comments:

Post a Comment