රද්දොළුගම කණිෂ්ඨ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද
සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් රද්දොළුගම ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා
පැවැත්විනි. මේ සටහන ඒ තරඟාවලිය ගැන නොවේ.
පිට්ටනියේ මෙහා වැටේ
ජීවත්වන මට පිට්ටනියේ පැවැත්වෙන අටෝරාසියක් ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච්,
සංගීත සන්දර්ශන, කානිවල් ගැන අලුතෙන් කියන්නට අවශ්‍ය නැත. පහුගිය දශක 3ක
කාලයේදී මම හැදී වැඩුනේ ඔය සියල්ල අසමින්, දකිමින් සහ විඳිමිනි. නමුත් ඒ
දශක 3ක කාලයේදී ඉතාම කළාතුරකින් දකින්නට ලැබෙන දෙයක් ඊයේ දිනයේදී අත්වින්දෙමි. මේ සටහන ඒ වෙනුවෙනි.
ඕනෑම උත්සවයකින් හෝ ක්‍රීඩා තරඟාවලියකින් හෝ පසුව ක්‍රීඩාංගණය පිරිසිදු කිරීමේ කටයුත්ත රද්දොළුගමට තාම අලුත් අත්දැකීමකි. බොහෝ විට සිදුවන්නේ ක්‍රීඩාංගණයේ තැන තැන දමා ඇති කුණු එක තැනකට විශාල ගොඩක් ලෙස එකතු කර දමා බොහෝ සංවිධායකයෝ අත්පිසදා ගැනීමයි. ඊළඟට සිදුවන්නේ "සුපින්වත් රද්දොළුගම ජනතාව" ඒ කුණු ගොඩට තමන්ගේ නිවෙස්වල එකතුවෙන කුණුද හොර රහසේ සහ ප්‍රසිද්ධියේ ගෙනැවිත් දැමීමයි. මෙය චිරාත් කාලයක සිට රද්දොළුගම සිදුවන දෙයයි.
තරඟාවලිය පැවති දින තත්ත්වය |
තරඟාවලියට පසු දින පැවති තත්ත්වය |
මාගේ හිතවත් රද්දොළුගම කණිෂ්ඨ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සාමාජික සාමාජිකාවනි, මේ අකුරු ටික ලියැවුනේ ඔබ විසින් සිදු කළ ඒ යහපත් ක්‍රියාව වෙනුවෙන් ක්‍රීඩාංගණයට ආදරය කරන අප සැමගේ හෘදයාංගම කෘතඥතාවය පළකරනු පිණිසමය.
ඔබ සැමට බොහෝම ස්තූතියි.