පහුගිය දවසක මගේ මිත්‍රයෙක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ ප්‍රසිද්ධම ටැක්සි සේවාවක් වෙන
PickMe සේවාවෙන් කැබ් එකක් ගෙන්වා ගන්නවා රෑ 11ට විතර වගේ. ඒ එයා අඳුරන ගෑණු ළමයෙක්ට තමන්ගේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යන්න.
මගේ මිත්‍රයා කතා කරපු තැනට වාහනේ ආවම ඒකේ ඩ්‍රැයිවර් පික්මී ඇප් එකේ
මොකක් හරි ඔබලා තියෙනවා. ඒ ගමන් මගේ යාළුවට SMS එකක් ඇවිත් තියෙනවා ට්‍රිප්
එක ඉවරයි, ගාණ මෙච්චරයි කියලා. ඊට පස්සේ ඩ්‍රැයිවර් අලුත් ට්‍රිප් එකක්
පටන්ගත්තත් මගේ යාළුවට තමන්ගේ මොබයිල් ඇප් එකෙන් ඒක ඇක්සස් කරන්න බැරිවෙලා
තියෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා, අර මම මුලින් කිව්ව ගෑණු ළමයව වාහනේ
නග්ගලා මගේ මිත්‍රයා තමන් නැවතිලා ඉන්න තැනට යනවා.
හරි කතන්දරේ
පටන් ගන්නේ මෙතන ඉඳන්. වාහනේ යන ගමන් ඩ්‍රැයිවර් බුවා, අර ගෑණු ළමයට "ටෝක්"
කරන්න පටන් ගන්නවා. කාන්තා පාරිභෝගිකයෙක්ට ටැක්සියකදී ලබන්නට පුළුව නරකම
අත්දැකීම ඒක කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ. සමහරවිට ගෑණු ළමයගේ පෙනුම,
වාහනේට නැග්ග වෙලාව, තනියම ගමනක් යන එක වගේ පරිසර කාරණා ඒකට බලපාන්න ඇති.
ගෑණු ළමයා මගේ යාළුවට කෝල් එකක් ගන්නවා මේ කරදරෙන් බේරෙන්න ඕනේ නිසා. නමුත්
ඇත්තම කතාව නම්, මගේ යාළුවා සහ ඒ ගෑණු ළමයා ඒ වෙලාවෙදි පට්ට අසරණ වෙනවා.
නමුත් දෙවියන්ගේ පිහිටෙන් ඒ ගෑණු ළමයා කරදරයක් නැතුව තමන්ගේ නවාතැනට යනවා.
ආයේ කතා දෙකක් නැහැ
PickMe
එකේ ඒ ඩ්‍රැයිවර් බුවා කරපු වැඩේ වැරදියි. පික්මී වගේ නමක් තියෙන සේවාවක්
මිනිස්සු ලබාගන්නේ ඒ සේවාව ගැන විශ්වාසයක් තියෙන නිසා. ඒ විශ්වාසේ කුඩු
පට්ටම් කරන ඔය වගේ එකාලට මඩු වලිගෙන් ගැහුවත් මදි. ඕකුන්ට විරුද්ධව නීතිය
උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනේ.
ඔය සිද්ධිය ගැන කියලා
මගේ මිත්‍රයා ෆේස්බුක් සටහනකුත් තියලා තිබ්බා. පස්සේ දැනගත්ත විදියට ඔහුගේ
අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ ගැන පික්මී ආයතනය සහ පාරිභෝගිකයෝ සහ පොදු
සමාජය දැනුවත් කරන එකලු. හැබැයි ඇත්තටම අපි කරන්න ඕනේ දේ ඒකද?
පික්මී නෙමේ, මොන ටැක්සි සේවාව උනත් රස්සාවට ගන්න මිනිස්සුංව කාලා බලලා
ගන්නේ නැහැ. නමුත් තමන්ගේ වාහනේ යන පාරිභෝගිකයාව බේරගන්න කරන්න ඕනේ දේවල්
ගොඩක් පික්මී ඇප් එක හරහාම ලබාදීලා තියෙනවා. ඒ ඇප් එකේ තියෙනවා ෆීචර් එකක්
SOS කියලා. වාහනේ ඩ්‍රැයිවර් අනවශ්‍ය විදියට හැසිරෙනවනම්, හයර් එක යන
එක්කෙනාට කරන්න තියෙන්නේ ඒ SOS බටන් එක ප්‍රෙස් කරන එක විතරයි. ඒ සැනින්
24X7 වැඩකරන පික්මී කෝල් සෙන්ටර් එකට ඇලර්ට් එකක් යනවා. එයාලා එහෙම්මම කතා
කරනවා ඒ අදාළ කස්ටමර්ට. කස්ටමර් ෆෝන් එක ආන්සර් නොකළොත්, එයාලා 119 සහ
වාහනේ GPS අනුව ළඟම තියෙන පොලීසියට කතා කරලා දැනුවත් කරනවා අදාළ වාහනේ
විස්තර සහ සිද්ධවෙන දේ ගැන. බැරිවෙලා හරි වාහනේ ඩ්‍රැයිවර් තමන්ගේ ෆෝන් එක
ඕෆ් කරලනං පික්මීලට ඒ වාහනේ හොයාගන්න තියෙන එකම විදිය කස්ටමර්ගේ ෆෝන් එකේ
GPS අනුව විතරයි. ඒ අනුව ගත්තම, හයර් එක යන කෙනා අතේ තමන්ගේ හයර් එක
ඇක්ටිවේට් කරපු ඇප් එක තියෙන ෆෝන් එකක් තියෙන එක අනිවාර්යයි නේද.
මගේ යාළුවා වරද්ද ගන්න තැන ඕක. එයාට තිබ්බා ඩ්‍රැයිවර්ගේ ට්‍රිප් එක ඇක්සස්
කරන්න ට්‍රයි කරන වෙලාවේ තමන් ට්‍රිප් එකක් දාගන්න. ඒ කිව්වේ ට්‍රිප් එකේ
විස්තර තමන්ගේ අතට ගන්න. එහෙම නැත්තම් අන්තිම ඔප්ෂන් එක විදියට ඒ වාහනේම
නැගලා එයත් යන්න. අනිත් හැම දේටම වඩා මනුස්ස ජීවිතේ කියන දේ වටිනවා. හයර්
එක කතා කරලා දීලා එයා වෙන කොහේවත් ඉඳං හයර් එක "මොනිටර්" කළා කියලා ඇති
සතේක වැඩක් නැහැ. මේ සේෆ්ටි ප්‍රොසෝඩියර් හදලා තියෙන්නේ මිනිස්සුංව ආරක්ෂා
කරන්න. ඒ විදියට වැඩ නොකර කරදරයක් උනාට පස්සේ සෝෂල් මීඩියාවල අඬලා දොඩලා
ස්ටේටස් දාන එක වැඩක් තියෙනවද?
මගේ යාළුවා දාපු ස්ටේටස් එකේ ගොඩක්
අය කියලා තිබ්බා, අහවල් රටේ මෙහෙමයි, මේ රටේ මෙහෙමයි, මේ නීති මෙහෙමයි කියන
එක. ඒ ඉතිං ඒ රටවල්වලනේ. මේ අපේ රට නේ. අපේ රට ඒ රටවල් විදියට හැදෙන එක
අනාගතේදී වෙයි. එතකං අපි දැනගන්න එපායැ පරිස්සම් වෙලා ඉන්න.
මගේ
ඉල්ලීම මේකයි. ඔබත් පික්මී හෝ වෙනත් ඒ වගේ කැබ් සර්විස් එකක් පාවිච්චි
කරනවනම්, එයාලගේ තියෙන සේෆ්ටි ප්‍රොසීඩියර් මොනවද කියලා හරියටම දැනගෙන ඒ
අනුව වැඩ කරන්න. මේ ලෝකේ ඉන්න කිසිම මිනිහෙක්ව ෂුවර් නැහැ. තමන්ට කරදරයක්
උනාට පස්සේ ඒ ගැන අඬා දොඩා වැඩක් නැහැ කියන එකත් හැම තිස්සේම මතක තියාගන්න.