පහුගිය මැයි මාසේ 08 වෙනිදා අපි කීප දෙනෙක් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලේ
Photography Society එකේ ළමයින්ට "ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි" ගැන දවසක
වැඩමුළුවක් සිදුකෙරුවා ඔබට මතක ඇති. ඒ වැඩසටහනේ දෙවෙනි පියවර විදියට මාස
4කට පස්සේ පහුගිය සැප්තැම්බර් 08වෙනිදා අපේ කණ්ඩායම ඒ වගේම වැඩසටහනක්
සිදුකෙරුවා හොරණ ශ්‍රී පාලී විද්‍යාලයේදී.
ගියපාර වගේම මේ වතාවෙත් වැඩේ මූලිකත්වය ගත්තේ අපේ රටේ ප්‍රමුඛතම ඩ්‍රෝන් කැමරා ශිල්පියෙක් වෙන Thisara Madhuwantha (සිහින) මල්ලි. ඊට අමතරව Lasantha Priyankara, Chammika Perera අපේ සාමාජිකයො දෙදෙනාත් මෙදාපාරත් වැඩේට සම්බන්ධ වුනා. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් Dilhan Hakmanage මෙදාපාර සහභාගී වුනේ නැහැ. ඒ වගේම කාළගුණික අපහසුතා නිසා Lishan Puwakovita හදපු බොහොම මනරම් හෑන්ඩ් අවුට් ටික මේ පාරත් ළමයින්ට බෙදා දෙන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ.
ඉස්කෝලේ පැත්තෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුත්ත සිදුකෙරුවේ ශ්‍රීපාලී විද්‍යාලයේ ආදිශිෂ්‍ය 2000 කණ්ඩායමේ Calhara Dissanayake
අපේ හිතවතා යි. ඇත්තම කතාව, කල්හාර නිසා තමයි මෙදාපාර මේ වැඩේ සිද්ධ වුනේ.
මාස ගාණක් තිස්සේ දිගින් දිගටම අපිව සම්බන්ධ කරගෙන, මේ වැඩමුළුව තමන්ගේ
ඉස්කෝලෙට ගෙනියන්න කල්හාර සිදුකරපු වැඩකොටස අතිමහත්. ඩෙංගු රෝගය, අයහපත්
කාළගුණය කියන මේ හැම බාධාවක්ම පරාද කරලා එදා දවසේ වැඩමුළුව පවත්වන්න
කල්හාරගේ අනුපමේය ධෛර්යයට හැකිවුන බව සඳහන් කරන්නම අත්‍යවශ්‍යයි.
මෙදාපාර වැඩේට අපිට තිබ්බ ලොකුම බාධාව තමයි අයහපත් කාළගුණය. සැප්තැම්බර්
08වෙනිදත් කඩින් කඩ පොද වැසි වගේම ලොකු වෙලාවක් වැහැපු ගිගුරුම් සහිත මහ
වැස්සත් ඩ්‍රෝන් උඩ යවන අදහස හීනයක් වෙන තරමට අපේ බලාපොරොත්තු ඈත් කෙරුවත්,
කළගුණය ඒ තරම්ම අපිට අකාරුණික වුනේ නැහැ. ඉර එළිය පොඩ්ඩක්වත් හරියට වැටුනේ
නැති උනත්, හැම දරුවෙක්ටම අවම විනාඩි 5ක විතර වගේ Flying Time එකක්
ලබාදෙන්න ඒ වතාවෙදිත් අපිට හැකියාව ලැබුණා. සිහින මල්ලිගේ අදහස නම්
ආධුනිකයෙක්ට ඒ කාලය බොහොම හොඳ ප්‍රමාණවත් කාලයක් කියලයි.
ඊට අමතරව
ඩ්‍රෝන් යවද්දි කළයුතු නොකළයුතු දේවල්, ඩ්‍රෝන් සම්බන්ධයෙන් රටේ නීතිය
ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙක් සතුව තිබිය යුතු
ආචාරධර්ම ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම ඩ්‍රෝන් එක හැදිලා
තියෙන විදිය, ඒකේ මූලික ක්‍රියාකාරීත්වය, ඩ්‍රෝන් එකේ ඇප් එකෙන් සිදුවෙන දේ
සහ අනතුරක් කරගන්නේ නැතුව ඩ්‍රෝන් යවන විදිය ගැනත් සාපේක්ෂව ලොකු දැනුමක් ඒ
දරුවෝ හැම කෙනාටම දෙන්න අපිට පුළුවන් වුනා.
මේ වැඩේ කරන අපේ
මූලිකම අරමුණ තමයි මේ ළමයින්ට ඩ්‍රෝන් කියන්නේ මැජික් එකක් නෙමේ කියන දේ
පෙන්නලා ඒ අත්දැකීම ලබා දීම. ඈතින් ඉඳන් ඩ්‍රෝන් යවන විදිය බලාගෙන හිටිය
ළමයින්ට ඩ්‍රෝන් එකක් උඩ යවන්න, කොන්ට්‍රෝල් කරන්න, ඒකෙන් වැඩ කරන්න කියලා
එයාලට ඒක කරන්න දෙන්න. ඒ අරමුණ නම් ඉහටත් උඩින් සම්පූර්ණ උනා.
කොළඹට කිට්ටු නිසාද කොහෙද, තමන් විසින්ම ඩ්‍රෝන් එකක් හදපු දරුවෝ දෙන්නෙක්
එතනදී අපිට මුණගැහුනා. YouTube එකෙන් හදන විදිය ගැන සියළු දේ බලාගෙන,
පිටකොටුවේ/මරදානේ රස්තයාදු වෙලා අවශ්‍ය බඩු අරගෙන බොහොම හොඳ නිමාවකින් යුතු
ඩ්‍රෝන් එකක් හදපු දරුවෙක් එතන හිටියා. ඒ ඩ්‍රෝන් එක බොහොම හොඳට පියාසර
කරන බවත් සඳහන් කරන්නම ඕනේ. ඒ වගේම ඒ ඩ්‍රෝන් එක fly කරලා අපි කීපදෙනාත්
මාර වින්දනයක් ලැබුව බවත් සඳහන් නොකෙරුවොත් ලොකු අඩුවක්. අවුරුදු 17ක
කොල්ලෙක් ඒ විදියේ වැඩක් ඒ තරම් සාර්ථකව කරන එක අපිට අනුව නම් ලොකුම ලොකු
දෙයක්. ඒ දරුවගේ හැකියාව හොරණින් කොළඹට එනවනම්, ඔහුට යන්න පුළුවන් දුර
අප්‍රමාණයි කියන එක විතරක් දැනට කියන්නම්.
එතන හිටිය දරුවන්
බොහෝදෙනෙක් ඩ්‍රෝන් එකක් ජීවිතේ පළවෙනි වතාවට අතින් ඇල්ලුවේ එදා. ඩ්‍රෝන්
එකක් කොන්ට්‍රෝල් කරද්දි ඒ ළමයින්ගේ විතරක් නෙමේ ගුරුවරුන්ගේ පවා ඇස්වල
තිබ්බ දීප්තිය, මුහුණෙන් පිටවෙන හැඟීම් විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ.
හැබැයි ඒ හැමෝම එදා ගෙවුන පොඩි වෙලාවෙදිත් ඔවුන් ලබාගත්ත අත්දැකීම නම් මහ
මෙරකට වඩා විශාලයි.
ෆොටෝ බොහෝ ප්‍රමාණයක් කල්හාරගේ කැමරාවෙන් ගත්ත
ඒවා. මගේ ෆෝන් කැමරාවෙන් ගත්ත ෆොටෝ කීපයකුත් අතරින් පතර තියෙනවා. කල්හාරට
බොහොම ස්තූතියි මේ මතකය සටහන් කරගත්තට.
ආයෙත් දවසක රටේ තවත් කෙළවරක දරුවන් එක්ක ඩ්‍රෝන් වැඩමුළුවකදී මුණගැහෙමු.
ReplyDeleteදයාබර සහෝදරය .... ඔබ අපේ තරුණ පරම්පරාවට හොඳ සේවයක් කරමින් සිටිනවා .. හොඳම දේ! බුදු සරනයි!