Thursday, September 26, 2013

If SHE.....



ඇය විශ්මිත කාන්තාවක් නම්,
ඔබට ඇයව පහසුවෙන් ලබාගන්න බැහැ...
ඇයව පහසුවෙන් ලබා ගත හැකිනම්,
ඇය විශ්මිත කාන්තාවක් වෙන එකක් නැහැ...
ඔබට ඇයව අවශ්‍යම නම්,
ඔබ කවදාවත් ඇය පිළිබඳව සිත අත අරින්නේ නැහැ...
ඔබ ඇය පිළිබඳ සිත අත අරිනවා යනු,
ඔබව ඇයට වටින්නේ නැහැ...
ඇත්තම කතාව මේකයි...
හැමෝම උත්සාහ දරන්නේ ඔබව රිදවන්නයි...
විඳව විඳව ජීවත් වෙන්න වටින අය කව්රුන්ද කියා,
තෝරාගන්නා තීරකයා,
ඔබමයි...
~බොබ් මාලේ


 “If she's amazing, she won't be easy. If she's easy, she won't be amazing. If she's worth it, you wont give up. If you give up, you're not worthy. ... Truth is, everybody is going to hurt you; you just gotta find the ones worth suffering for.”
~Bob Marley

Friday, August 30, 2013

මළගෙවල් | Funerals



මේ රටේ මිනිස්සු,
බොහෝ වෙලාවට මළ ගෙදරකට යන්නේ,
මැරිච්ච මනුස්සයාට අවසන් ගෞරව දැක්වීමට නොව,
ජීවත්ව සිටින අයගේ දර්ශනයට අසුවීම සඳහාය...

Thursday, August 8, 2013

හැම එකම ඉන්ටර්නෙට් දාන්න කළිං...



ඕනෙ එකයි එපා එකයි,
හැම රෙද්දම,
ලෝකෙත් එක්ක ශෙයාර් කරගන්න ගියාම,
නිකංම බඩ වෙන කතා අහන්න වෙන එක,
අන්තිම ස්වභාවිකයි....

Tuesday, August 6, 2013

Dilscoop



ෆේස් කරන 5වෙනි බෝලේ,
ස්කූප් කරනවා කියන්නේ,
ඩිලා ඉන්නේ පට්ට ෆෝම් එකේ...
අවුට් වෙන්න එපා මචං...

Sunday, August 4, 2013

මට දේශපාලනේ පේන්න බෑ | I Hate Politics



මට දේශපාලනේ තිත්තයි... මට දේශපාලනේ පෙන්නන්න බෑ කියන බූරුවොන්ට...

“නූගතුන් අතර ඉතාමත්ම නරක නූගතා වන්නේ දේශපාලනිකව නූගත් මිනිසායි. ඔහුට කිසිත් නො ඇසෙයි. ඔහු කිසිත් නොපවසයි. ඔහු කිසිදු දේශපාලනික සන්දර්භයක කොටස්ක‍රුවෙකු නොවෙයි. බෝංචි ඇටයක මිලත්, මාළුවෙකුගේ මිලත්, පිටි කිලෝවක මිලත්, ගෙවල් කුලියේ ප්‍රමාණයත්, සපත්තු කුට්ටමක බිලත්, බෙහෙත් වට්ටෝ‍රුවක මිලත් තීරණය වන්නේ දේශපාලනික තීන්දු තීරණ මතම වන බව ඔහු නොදනියි. දේශපාලනිකව නූගත් මිනිසා කෙතෙක් මුග්ධ වේද කියන්නේ නම්, ඔහු ආඩම්බරයෙන් පපුව ඉස්සරහට දාගමිනින්, 'මම දේශපාලනේ පෙන්නන්න බෑ' කියා කියයි. මේ නුහුගුණ කාරයින් නොදන්නා දේ නම්, වීථි ගණිකාවන් උපදින්නේත්, අත්හැරදැමූ ළමුන් වැඩිවන්නේත්, හො‍රුන් සහ මංකොල්ලක‍රුවන් බිහිවන්නේත්, දූෂිත දේශපාලකයින්ට පාලනය හිමිවන්නේත්, බහු ජාතික සමාගම් දළුළන්නේත්, සමස්ත ජාතියක් දූෂණය සමගින් වළපල්ලට යන්නේත් තමන්ගේම දේශපාලනික මුග්ධභාවය නිසා බවයි!”
 
- බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

Friday, July 26, 2013

උදුල් ප්‍රේමරත්නගේ වීර ක්‍රියා



උදුල් සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලොක්කා බල කරල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් දාන්න බවුන්ඩේසම දාන්න පටන් ගත්තලු මාලඹේ හරියෙ. උදුල්ට මේක ආරංචි වුනාම යකා නැග්ගලු. යාලුවො අල්ල ගන්න හැදුවට “අත ඇරපියව් මාව“ කියල උදුල ගත්තලු සයිකලේ, පෑගුව පෑගිල්ලට විනාඩි පහෙන් මාලඹේලු. බවුන්ඩේසම ගහන්න ආපු බාස්ලා ටිකක් උදුලට ගහන්න ආවට උදුල එක කික් එකයි දුන්නෙ. ඔක්කොම විසි වුනාලු. කැඩිච්ච බවුන්ඩේසම උඩ එක කකුලක් තියා ගත්ත උදුල් කියුබන් සුරුට්ටුවක් කටේ ගහගෙන මෙහෙම කිව්වලු. “ආයෙ මෙතන ප්‍රයිවට් මොනවත් බෑ!!“. මෙඩිකල් කොලේජ් එක ගහන්න ආපු එවුන් එක පැයෙන් රටෙන් පිට වුනාලු. ලොක්කා උදුල්ට එදා රෑ කතා කරල සමාව ඉල්ලුවලු.

http://www.chamiladealwis.com/udulham/

Monday, June 17, 2013

ඕස්ට්‍රේලියාව සහ අපි | ක්‍රිකට් සහ බොහෝ දේ...



ඕස්ට්‍රේලියාවේ මේ ඇප්‍රෝච් එක හොඳය...

ඕවර 29.1 කින් 254ක් ගැසීමට නම්,
පළවෙනි බෝලේ සිටම හනුමා දරපලන්නා සේ,
හතර අතට නෙළිය යුතුය...

විකට් යාමේ අවධානමත් ඉතා වැඩිය...
නමුත් එහෙම කළේ නැත්තං ගහන්නට බැරිය...
 



අන්තිම ඕවරේදී මැච් එක දිනාගෙන,
තොටත් නෑ සෙමි - ෆයිනල් මටත් නෑ,
ජාතියේ පජාත වැඩ නොකර,
මෙහෙම සෙල්ලං කරන එක හොඳය...




පර සුද්දංගේ සිත,
වෙනස් නොවේවා!!!

Thursday, May 30, 2013

ලිය අභිමන් - ස්වයං රැකියා පුහුණු වැඩසටහන්... | රද්දොළුගම



ආර්ථික සංවර්ධන ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිඳුන්ගේ සංකල්පයකට අනුව නීතීඥ පුෂ්පා රාජපක්ෂ මැතිණියගේ සභාපතිත්වයෙන් යුත් "ලිය අබිමන්" වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන "ලිය අබිමන් ස්වයං රැකියා පුහුණු සරණිය" වැඩසටහන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ආරාධනයෙන් රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ සහ ඒ අවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් රද්දොළුගම ප්‍රජා ශාලාවේදී ආරම්භ විය...

මෙහිදී,
  • රූපලාවන්‍ය පාඨමාලව
  • කෙටිකෑම සහ කේක් ආකෘති සෑදීමේ පාඨමාලාව
  • සාරි වැඩ දැමීමේ පාඨමාලාව
  • සාරි හැට්ට මැසීමේ පාඨමාලාව
යන ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් 4ක් ආරම්භ කෙරිණි...






 

මෙම පාඨමාලාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වේ.

මෙම පාඨමාලා සියල්ල රද්දොළුගම ප්‍රජා ශාලාවේදී පැවැත්වෙන අතර පහත සඳහන් දිනයන්හිදී ආරම්භ වේ.
  • සාරි වැඩ දැමීමේ පාඨමාලාව - ජූනි 05 බදාදා - ප.ව 2.00
  • සාරි හැට්ට මැසීමේ පාඨමාලාව - ජූනි 09 ඉරිදා - පෙ.ව 8.00
  • කෙටි කෑම සහ කේක් ආකෘති පාඨමාලාව - ජූනි 09 ඉරිදා - පෙ.ව 10.00
  • රූපලාවන්‍ය පාඨමාලාව - ජූනි 09 ඉරිදා - පෙ.ව 10.00 




ඔබ සැමට ආරාධනා...

Saturday, May 4, 2013

දානමය පිංකම...

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් සහ රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසලට වසර 30ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු, සියක් නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිනාව අද දවසේ රද්දොළුගම නිවාස සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී බුද්ධ පුත්‍රයන් වහන්සේලාව තමන්ගේ නිවසට වැඩමකරවා දානය පිරිනැමීමට දායකයන්ට හැකි විය... අපේ නිවසේ පැවැත්වුණ දානමය පිංකමේ අවස්ථා කීපයක් කැමරාවට අසුවූ අයුරු...




















මේ පිංකම සාර්ථක කරගැනීමට දායකත්වය ලබාදුන් සියළුම දෙනාට පිං සිදුවේවා.

Monday, April 22, 2013

රද්දොළුගම අනවසර ඉදිකිරීම්...

අද, 2013 අප්‍රේල් 23වෙනිදා, රද්දොළුගම ජීවත් වෙන සමස්ථ ජනතාවම පැය 10ක් වතුර නැතුව අපා දුක් වින්දා. ඒකට හේතුව ප්‍රධාන සැපයුම් මාර්ගයේ විශාල ජල නළයක සිදුවූ කාන්දුවීමක්. ජල නළ පුපුරා යාම ස්වභාවිකයි. ඒවා නඩත්තු කිරීම සඳහා යම් කාලයක් ගතවෙන එකත් ස්වභාවිකයි.

අද සිදු වුන ජලනළ පුපුරා යාම යළිත් ප්‍රතිසංස්කරණය කරන්න මෙච්චර වෙලාවක් ගියේ ඇයි? එකම හේතුව අනවසර ඉදිකිරීම්!!! කඩ හිමියන් අනවසරයෙන් තමන්ට අයිති නැති බිම් කොටසේ ස්ථිර ඉදිකිරීම් සිදු කර ඇති නිසා, ඒ ඉදිකිරීම් ඉවත් කරලා ජල නළ ප්‍රතිසංස්කරණය කරන්න විශාල කාලයක් ගත උනා. වෙනදා පැය 3න් 4න් කරන වැඩේ, අද පැය 10ක් දක්වා ඇදී ගියේ අනවසර ඉදිකිරීම් නිසාමයි!

මාගේ හිතවත් රද්දොළුගම සහෘද ජනතාවනි,
මේ සියළු ආකාරයේ අනවසර ඉදිකිරිම් සඳහා විරෝධය පෑමට ඔබ අප සැම එක්විය යුතු වේලාවයි!!!