Monday, April 22, 2013

රද්දොළුගම අනවසර ඉදිකිරීම්...

අද, 2013 අප්‍රේල් 23වෙනිදා, රද්දොළුගම ජීවත් වෙන සමස්ථ ජනතාවම පැය 10ක් වතුර නැතුව අපා දුක් වින්දා. ඒකට හේතුව ප්‍රධාන සැපයුම් මාර්ගයේ විශාල ජල නළයක සිදුවූ කාන්දුවීමක්. ජල නළ පුපුරා යාම ස්වභාවිකයි. ඒවා නඩත්තු කිරීම සඳහා යම් කාලයක් ගතවෙන එකත් ස්වභාවිකයි.

අද සිදු වුන ජලනළ පුපුරා යාම යළිත් ප්‍රතිසංස්කරණය කරන්න මෙච්චර වෙලාවක් ගියේ ඇයි? එකම හේතුව අනවසර ඉදිකිරීම්!!! කඩ හිමියන් අනවසරයෙන් තමන්ට අයිති නැති බිම් කොටසේ ස්ථිර ඉදිකිරීම් සිදු කර ඇති නිසා, ඒ ඉදිකිරීම් ඉවත් කරලා ජල නළ ප්‍රතිසංස්කරණය කරන්න විශාල කාලයක් ගත උනා. වෙනදා පැය 3න් 4න් කරන වැඩේ, අද පැය 10ක් දක්වා ඇදී ගියේ අනවසර ඉදිකිරීම් නිසාමයි!

මාගේ හිතවත් රද්දොළුගම සහෘද ජනතාවනි,
මේ සියළු ආකාරයේ අනවසර ඉදිකිරිම් සඳහා විරෝධය පෑමට ඔබ අප සැම එක්විය යුතු වේලාවයි!!!


















Wednesday, April 3, 2013

අර්ජුන සංගක්කාර ඇනලීන් | Sri Lanka Cricket

උපුටා ගැනීමක්.

සංගක්කාර කියන තරම් ඇනිලීන් වලත් ගුණයක් නැහැ කියල දොස්තර කෙනෙක් කිව්වා...

අර්ජුනගේ දේශපාලනය ගැන මට එච්චර පැහැදීමක් නැතත්, අර්ජුන කියන්නේ අම්පයර්ල “මුරලි” දමල ගහනව කිව්වම ඒ අම්පයර්ට දබරගිල්ල දික්කරල ටීම් එකත් අරන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට එන්න තරම් ආත්ම ශක්තියක්, අභිමානයක් තිබුණු මිනිහෙක්. එතැනදී අර්ජුණ එයාගේ ක්‍රිකට් අනාගතයට ඇතිවෙන්න පුළුවන් තර්ජන ගැන හිතුවේ නැහැ. අනික අර්ජුණ දබරගිල්ල දික්කරම අම්පයර්ට උතුර දකුණ අමතක වෙන තරම් පවුරුශයක් අර්ජුනලට තිබුන. අර්ජුන මේ කතාකරන්නේ අන්න ඒ අභිමානය ගැන.. දැන් ඉන්න සෙප්පඩ විජ්ජා කාරයෝ මේ බල්ටි ගහන්නේ අර්ජුනලා වගේ “ක්රිකටර්” ලා හදල දීපු ඕඩියන්ස් වල.. උන්ට ඒක මතක නැති එකයි අවුල….

සහතික ඇත්ත කතාවක්!!!