Monday, November 28, 2016

සසර සැරිසරන තෙක්...


අහස් තල පොලෝ තල,
ඔබට මට පොදුවෙලා...
හදවතින් එක් වුවත්,
ගතින් දෙදෙනෙකු‍ වෙලා..
මට බලා ඉන්න බෑ,
සියොලඟම තැවෙනවා...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ... ඔබ ‍මගේ...

Friday, November 25, 2016

දකුණ කොළඹ නුවර ඔක්කොම එකයි | All are Useless Miserable Creatures

 1. දකුණේ එවුං අහවල් චිප් එක හදද්දි නුවර එවුං මොනවද කලේ?


2. අහවල් ටෙක්නොලොජියට නුවර එවුං පේටන්ට් ගනිද්දි දකුණෙ එවුන්ට මක්කද තීන්නෙ?


3. අහවල් බිස්නස් ස්ට්‍රැටජිය කොළඹ එවුං නොගෙනාවා නං නුවරයි දකුණයි තාම ෆේස්බුක් එකේ මරා ගන්නවා"
 

මේ වගේ දේවල් වලට ආඩම්බර වෙන්න අපිට තව කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙනව බ්‍රෝ...

Thursday, November 24, 2016

Pick Me එකේ ඔබත් යනවද? | Are you Going with Pick Me?



පහුගිය දවසක මගේ මිත්‍රයෙක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ ප්‍රසිද්ධම ටැක්සි සේවාවක් වෙන PickMe සේවාවෙන් කැබ් එකක් ගෙන්වා ගන්නවා රෑ 11ට විතර වගේ. ඒ එයා අඳුරන ගෑණු ළමයෙක්ට තමන්ගේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යන්න.

මගේ මිත්‍රයා කතා කරපු තැනට වාහනේ ආවම ඒකේ ඩ්‍රැයිවර් පික්මී ඇප් එකේ මොකක් හරි ඔබලා තියෙනවා. ඒ ගමන් මගේ යාළුවට SMS එකක් ඇවිත් තියෙනවා ට්‍රිප් එක ඉවරයි, ගාණ මෙච්චරයි කියලා. ඊට පස්සේ ඩ්‍රැයිවර් අලුත් ට්‍රිප් එකක් පටන්ගත්තත් මගේ යාළුවට තමන්ගේ මොබයිල් ඇප් එකෙන් ඒක ඇක්සස් කරන්න බැරිවෙලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා, අර මම මුලින් කිව්ව ගෑණු ළමයව වාහනේ නග්ගලා මගේ මිත්‍රයා තමන් නැවතිලා ඉන්න තැනට යනවා.
හරි කතන්දරේ පටන් ගන්නේ මෙතන ඉඳන්. වාහනේ යන ගමන් ඩ්‍රැයිවර් බුවා, අර ගෑණු ළමයට "ටෝක්" කරන්න පටන් ගන්නවා. කාන්තා පාරිභෝගිකයෙක්ට ටැක්සියකදී ලබන්නට පුළුව නරකම අත්දැකීම ඒක කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ. සමහරවිට ගෑණු ළමයගේ පෙනුම, වාහනේට නැග්ග වෙලාව, තනියම ගමනක් යන එක වගේ පරිසර කාරණා ඒකට බලපාන්න ඇති. ගෑණු ළමයා මගේ යාළුවට කෝල් එකක් ගන්නවා මේ කරදරෙන් බේරෙන්න ඕනේ නිසා. නමුත් ඇත්තම කතාව නම්, මගේ යාළුවා සහ ඒ ගෑණු ළමයා ඒ වෙලාවෙදි පට්ට අසරණ වෙනවා. නමුත් දෙවියන්ගේ පිහිටෙන් ඒ ගෑණු ළමයා කරදරයක් නැතුව තමන්ගේ නවාතැනට යනවා.

ආයේ කතා දෙකක් නැහැ PickMe එකේ ඒ ඩ්‍රැයිවර් බුවා කරපු වැඩේ වැරදියි. පික්මී වගේ නමක් තියෙන සේවාවක් මිනිස්සු ලබාගන්නේ ඒ සේවාව ගැන විශ්වාසයක් තියෙන නිසා. ඒ විශ්වාසේ කුඩු පට්ටම් කරන ඔය වගේ එකාලට මඩු වලිගෙන් ගැහුවත් මදි. ඕකුන්ට විරුද්ධව නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනේ.

ඔය සිද්ධිය ගැන කියලා මගේ මිත්‍රයා ෆේස්බුක් සටහනකුත් තියලා තිබ්බා. පස්සේ දැනගත්ත විදියට ඔහුගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ ගැන පික්මී ආයතනය සහ පාරිභෝගිකයෝ සහ පොදු සමාජය දැනුවත් කරන එකලු. හැබැයි ඇත්තටම අපි කරන්න ඕනේ දේ ඒකද?

පික්මී නෙමේ, මොන ටැක්සි සේවාව උනත් රස්සාවට ගන්න මිනිස්සුංව කාලා බලලා ගන්නේ නැහැ. නමුත් තමන්ගේ වාහනේ යන පාරිභෝගිකයාව බේරගන්න කරන්න ඕනේ දේවල් ගොඩක් පික්මී ඇප් එක හරහාම ලබාදීලා තියෙනවා. ඒ ඇප් එකේ තියෙනවා ෆීචර් එකක් SOS කියලා. වාහනේ ඩ්‍රැයිවර් අනවශ්‍ය විදියට හැසිරෙනවනම්, හයර් එක යන එක්කෙනාට කරන්න තියෙන්නේ ඒ SOS බටන් එක ප්‍රෙස් කරන එක විතරයි. ඒ සැනින් 24X7 වැඩකරන පික්මී කෝල් සෙන්ටර් එකට ඇලර්ට් එකක් යනවා. එයාලා එහෙම්මම කතා කරනවා ඒ අදාළ කස්ටමර්ට. කස්ටමර් ෆෝන් එක ආන්සර් නොකළොත්, එයාලා 119 සහ වාහනේ GPS අනුව ළඟම තියෙන පොලීසියට කතා කරලා දැනුවත් කරනවා අදාළ වාහනේ විස්තර සහ සිද්ධවෙන දේ ගැන. බැරිවෙලා හරි වාහනේ ඩ්‍රැයිවර් තමන්ගේ ෆෝන් එක ඕෆ් කරලනං පික්මීලට ඒ වාහනේ හොයාගන්න තියෙන එකම විදිය කස්ටමර්ගේ ෆෝන් එකේ GPS අනුව විතරයි. ඒ අනුව ගත්තම, හයර් එක යන කෙනා අතේ තමන්ගේ හයර් එක ඇක්ටිවේට් කරපු ඇප් එක තියෙන ෆෝන් එකක් තියෙන එක අනිවාර්යයි නේද.

මගේ යාළුවා වරද්ද ගන්න තැන ඕක. එයාට තිබ්බා ඩ්‍රැයිවර්ගේ ට්‍රිප් එක ඇක්සස් කරන්න ට්‍රයි කරන වෙලාවේ තමන් ට්‍රිප් එකක් දාගන්න. ඒ කිව්වේ ට්‍රිප් එකේ විස්තර තමන්ගේ අතට ගන්න. එහෙම නැත්තම් අන්තිම ඔප්ෂන් එක විදියට ඒ වාහනේම නැගලා එයත් යන්න. අනිත් හැම දේටම වඩා මනුස්ස ජීවිතේ කියන දේ වටිනවා. හයර් එක කතා කරලා දීලා එයා වෙන කොහේවත් ඉඳං හයර් එක "මොනිටර්" කළා කියලා ඇති සතේක වැඩක් නැහැ. මේ සේෆ්ටි ප්‍රොසෝඩියර් හදලා තියෙන්නේ මිනිස්සුංව ආරක්ෂා කරන්න. ඒ විදියට වැඩ නොකර කරදරයක් උනාට පස්සේ සෝෂල් මීඩියාවල අඬලා දොඩලා ස්ටේටස් දාන එක වැඩක් තියෙනවද?

මගේ යාළුවා දාපු ස්ටේටස් එකේ ගොඩක් අය කියලා තිබ්බා, අහවල් රටේ මෙහෙමයි, මේ රටේ මෙහෙමයි, මේ නීති මෙහෙමයි කියන එක. ඒ ඉතිං ඒ රටවල්වලනේ. මේ අපේ රට නේ. අපේ රට ඒ රටවල් විදියට හැදෙන එක අනාගතේදී වෙයි. එතකං අපි දැනගන්න එපායැ පරිස්සම් වෙලා ඉන්න.

මගේ ඉල්ලීම මේකයි. ඔබත් පික්මී හෝ වෙනත් ඒ වගේ කැබ් සර්විස් එකක් පාවිච්චි කරනවනම්, එයාලගේ තියෙන සේෆ්ටි ප්‍රොසීඩියර් මොනවද කියලා හරියටම දැනගෙන ඒ අනුව වැඩ කරන්න. මේ ලෝකේ ඉන්න කිසිම මිනිහෙක්ව ෂුවර් නැහැ. තමන්ට කරදරයක් උනාට පස්සේ ඒ ගැන අඬා දොඩා වැඩක් නැහැ කියන එකත් හැම තිස්සේම මතක තියාගන්න.

Monday, November 21, 2016

උසස් පෙළ ශිෂ්‍යන්ට ටැබ් | Tablet Computers for Students



මේ දවස්වල සයිබර් අවකාශයේ ජනප්‍රියම මාතෘකා දෙක තුනෙන් එකක් වෙන්නේ පහුගියදා #යහපාලන මුදල් ඇමති රවී බොසා අයවැය යෝජනාවක් විදියට ගෙනත් අතෑරිය උසස් පෙළ ළමයින්ට ටැබ් දෙන යෝජනාවය. මේ වෑයම ඒ අදහස ගැන මගේ සත පහ ඉඳිරිපත්කිරීමටය.

මේ කතා කරන්නේ ටැබ් ගැන නෙමේය. මේ කතාව ටැබ් එකෙන් එහාට දිවෙන්නක්ය. මේ කතා කරන්නේ අධ්‍යාපනය ඩිජිටල් කිරීම ගැනය. අධ්‍යාපනය ඩිජිටල් කරන වැඩේ අධ්‍යාපන අමාත්‍යංශය පටන් ගන්නේ අදට අවුරුදු 10කට විතර කළින් 2006/07 කාලයේදීය. School Net යනු ඒකේ ලොකුම ප්‍රොජෙක්ට් එකය. ඒ ප්‍රොජෙක්ට් එකේ අරමුණ වූයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් හදන එකය. දිවයිනේ සමස්ථ පාසැල් 10,000කට අධික ප්‍රමාණයෙන් පාසැල් 1700කට අධික ගණනක් මේ School Net එක සමඟ සම්බන්ධ කර තිබුණේය. අධ්‍යාපන කන්ටෙන්ට් බෙදාගන්න, තමන්ගේ පාසලේ වෙබ් අඩවිය හොස්ට් කරගන්න, ඊමේල් හදාගන්න, School Net එක හරහා හැකියාව තිබුණේය. හැබැයි දැන් School Net එක නැත්තේය. ඒකට හේතුව දරාගන්න බැරි තරම් මුදලක් ඒ වෙනුවෙන් දරන්නට සිදුවීමය.දැන් ආයෙත් වෙන මුහුණුවරකින් School Net එක හෙමින් හෙමින් නැගිටින්නේය. ආණ්ඩුවට රටේ අධ්‍යාපනය ඩිජිටල් කරන්න ඇත්තම උවමනාවක් තිබුණානම් ඉස්සෙල්ලාම කළ යුතුවෙන්නේ මේ School Net එක කෙළින් කටින් හිටවලා රටේ ඉතුරු පාසල් සියල්ලටමත් ව්‍යාප්ත කරන එකය.

ටැබ්ලට් පරිගණක හෝ ලැප්ටොප් හෝ, මොනයම් හෝ ඩිජිටල් උපාංගයක් දරුවන්ට දෙන එක අත්‍යවශ්‍යම වැඩක්ය. හරි නං ඕක දිය යුතුව තිබ්බේ මීට අවුරුදු 4කට 5කටවත් පෙරය. මෙතනදී අවංකවම කල්පනා කළ යුත්තේ ටැබ් එක අරගෙන කරන්න තරම් දෙයක් අපේ උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දීලා තියෙනවාද කියන එකය. අච්චු පොත් PDF කරපු එකෙන් එහාට ඩිජිටල් උපාංග පාවිච්චි කරලා කරන්න දෙයක් තවමත් තියෙනවාද කියන එක ගැන බැලිය යුතුය. එහෙම දෙයක් තවම නැතිනම්, අඩුම ගානේ නුදුරු අනාගතයේ එහෙම අවශ්‍ය අනෙකුත් දේවල් (අවම වශයෙන් එක් එක් විෂයන් සඳහා වෙන වෙනම App) සකසාගන්න කථිකාවතක් හෝ අදාළ තැන්වල ඇති වී තිබෙනවාදැයි සොයා බැලිය යුතුය. එහෙම අදහසක්වත් නැති බව දැන දැනත්, එකපාරටම ළමයින්ට ටැබ් දීලා කරන්න යන වැඩේ මොකක්ද කියන්න මටනම් තේරෙන්නේ නැත්තේය.

රටේ අධ්‍යාපනය අලුත් මානයකට යා යුතුමය. නමුත් ඒ මානයට යා යුත්තේ නියමිත විධිමත් වැඩපිළිවෙලක් හදාගෙන ඒ අනුව පියවරෙන් පියවරය. අන්තිමට කරන්න ඕනේ වැඩේ ඉස්සෙල්ලාම කෙරුවෝතින් සිද්ධ වෙන්නේ සම්පූර්ණ වැඩේම සෙත්තපෝච්චි වෙලා යන එකය. මගේ ඉල්ලීම මේකය, ටැබ් දෙන එක හොඳ වැඩක්ය. නමුත් කිසිම සූදානමක්, වැඩ පිළිවෙලක්, මොකක්වත් නැතුව දෙන එක නං අන්තිම මරිමෝඩ වැඩක්ය. මේ #යහපාලන ආණ්ඩුව, එහෙම මරිමෝඩ වැඩ කරන්න උපන් හපන්කම් තියෙන ගොබ්බ ආණ්ඩුවක්ය. අපේ ලොකුම බයත් අන්න ඒකමය.

මගේ සත පහ ඉවරයිය. කියෙව්ව සැමට ස්තූතියි ය.

Friday, November 18, 2016

මහා නායකයාණෙනි - චිරං ජයතු!!!


මහ පොළවකි ඔබ - මුලු අහසක් උස...
අප පරමය ඔබ - තව කල්පයකට...

මහින්ද රාජපක්ෂ මහා නායකයාණෙනි,
චිරං ජයතු!!!

Wednesday, November 9, 2016

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් | Trump - Make America Great Again


ට්‍රම්ප් දිනුම්!!!

ට්‍රම්ප් කතා කළේ ඇමරිකාවට.
ඊළඟ අවුරුදු 4 ඇතුළේදී ඇමරිකාව, ඇමරිකාව විදියට ගොඩ නඟන්නේ කොහොමද කියන මතවාදය ට්‍රම්ප් ඇමරිකානුවන්ට ලබා දුන්නා. බොහෝ ඇමතිකානුවන් තීරණය කළා, තමන්ට තැනක් අවශ්‍ය ලෝකය තුළ නෙමේ, ඇමරිකාව තුළමයි කියන දේ. ඒ මතවාදය දිනවන්න බහුතර ඇමරිකානුවන් කටයුතු කරලා තියෙනවා.

ජාත්‍යන්තරවාදයට වඩා ජාතිකවාදයට අවුරුදු 500කට පොඩ්ඩක් වැඩි ඉතිහාසයක් තියෙන ඇමරිකානුවනුත් එකඟයි.

Monday, November 7, 2016

ආබාධිත රණවිරුවන් වෙත,

 
අපිව රකින්න ගිහින් ආබාධිත වෙච්ච අපේම අයියලා වෙත,

උඹලා දෑත දෙපය නැති, ඇස් පේන්නැති, කන් ඇහෙන්නේ නැති, කොන්ද වාරු නැති එකාලා බවට පත් උනේ උඹලා වෙනුවෙන් මොකක්වත් කරලා නෙමේ අයියලා. මේ රටේ ජීවත් වෙච්ච ත්‍රස්තවාදයට විරුද්ධ සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම මිනිස්සුන් වෙනුවෙන්, ඒ මිනිස්සුංට කරන්න බැරි දෙයක් කරන්න ගිහිනුයි උඹලා ඔය අද ඉන්න තත්ත්වෙට පත් උනේ. උඹලා ඉල්ලන දේ අසාධාරණ නැහැ. ලැබුණ තොරතුරු අනුව උඹලා ඉල්ලන දේ දීපං කියලා අනුමැතිය ලැබිලා තියෙන්නේ 2014දී. ඒ වගේම උඹලාම යුනිෆෝම් ඇඳපු සන්නද්ධ හමුදාවට ඒ නියෝග ඇවිත් තියෙන්නේ 2015දී. ඔය තොරතුරු වරදින්න තියෙන ඉඩ අඩුයි. නමුත් දවස් ගාණක් තිස්සේ අව්ව වැස්ස තකන්නේ නැතුව උඹලා පාරේ ඉන්නේ උඹලට ලැබිය යුතු දේ වෙනුවෙන්. ඒක ඉල්ලලා උඹලා පාරට බහිනකම් බුදියගෙන හිටපු #යහපාලන ආණ්ඩුව ගැන කියන්න දෙයක් නැහැ. උං ගැන නියම වෙලාවට අපි බලාගන්නං!!!

උඹලා මගෙන් අහයි මේ අමුණපු පින්තූරේ තේරුම මොකක්ද කියලා.
අද #යහපාලනේ පොලීසියෙන් හයි ප්‍රෙෂර් වතුර පාරවල් කාපු, ඔලුවෙන් ලේ පෙරෙනකම් බැටන් පාරවල් කාපු, බොම්බෙට අහුවෙලා සොත්ති වෙච්ච අත් කොට දෙකෙන් තෙත ලේන්සුව ඇස් දෙකට තියාගන්න හේතු වෙච්ච කඳුළු ගෑස් කාපු මගේ අයියලා මතක තියාගනිල්ලා, අද අපේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ තමංව මරන්න ආව එකාටත් සමාව දුන්න මිනිහෙක්...