Friday, February 8, 2013

ඔයාලයි එයාලයි | You Vs Them

ඒ අය,
අවසාන වතාවට තිබ්බ ලෝක කුසලාන හතරේදීම (2007, 2009 T20, 2011, 2012 T20) ෆයිනල් ඇවිත් අනුශූරයෝ වෙච්ච අය. ඕවර 50 සහ T20 ලෝක ශ්‍රේණි ගත කිරීම් වලදි අවුරුදු ගාණක ඉඳං ඉස්සරහින්ම ඉන්න අය. තනි තනි පුද්ගලයන් විදියට ගත්තම ටෙස්ට්, ඕවර 50 සහ T20 ජාති 3න්ම තමන්ගේ විෂයෙන් (බැටිං, බෝලිං) ලෝක ශ්‍රේණි ගත කිරීම් වල පළවෙනි දහය විස්ස අතරේ ඉන්න අය. කොටිංම කියනවානං, ඒ අය පොරවල්!!!




ඔයාලා,
ඉතිහාසේ පළවෙනි වතාවට එංගලන්තෙයි, ඉන්දියාවයි පරද්දපු අය. ඉතිහාසේ පළවෙනි වතාවට ලෝක කුසලානෙක අවසාන 6දෙනා අතරට ආපු අය. කණ්ඩායමේ සහ ක්‍රීඩිකාවන්ගේ ලෝක ශ්‍රේණි ගත කිරීම් ස්ථාන ගැන කතා නොකර ඉමු. කොටිංම කියනවානං, ඔයාලා තාම බබාලා!!!



ඉතිං එහෙම එකේ, එයාලට අච්චරයි, අපිට මෙච්චරයි කියන එක "පට්ට අසාධාරණයි" නේද.......

පිරිමි
එක්‌දින ----> රුපියල් 440,000
20-20 ----> ඇඩො 2,750
වසරක කොන්ත්‍රාත්තුව ----> ඇඩො 100,000

කාන්තා
එක්‌දින ----> රුපියල් 12,500
20-20 ----> ඇඩො 50
වසරක කොන්ත්‍රාත්තුව ----> රු. 600,000

No comments:

Post a Comment