Monday, February 6, 2017

SAITM සටනට එකතුවෙන්න මහින්දට බැරිද?

SAITM - Malabe

සයිටම් එකට UGC අනුමැතිය දුන්නේ මහින්දගේ ආණ්ඩු කාලේ, සයිටම් එකට මහින්ද රුපියල් මිලියන 600ක බැංකු ණයක් දුන්නා, සයිටම් එක මහින්දගේ වැරැද්දක් කිය කිය ෆේස්බුක් එකේ වෝල්, ගෲප්, චැට් පුරා යුනිකෝඩ් වපුරන උගත් බුජ්ජිමත් ප්‍රජාව දවස් කීපයක් තිස්සේම දැක්කා. මේ සත දෙක ඒ ෆේස්බුක් බුජ්ජිමතුන් වෙනුවෙන්.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් මහින්ද උදව් කෙරුවේ සයිටම් එකට විතරද? මගේ හිතවත් Wishwa Chinthana කියලා තිබ්බ විදියට SLIIT, CINEC, MIT, NIBM, NSBM, Horrizen වගේ පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් දියුණු කරන්න අවශ්‍ය ශක්තිය මහින්දගේ ආණ්ඩුව කාලෙදි සැපයුවා. මේකෙන් SLIIT, CINEC, MIT, Horrizen හතරම පැත්තකට දාමු. මම කතා කරන්නම් NIBM, NSBM ආයතන දෙක ගැන.

NIBM ආයතනය වැඩි දියුණු කරන්න සහ NSBM පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න අවශ්‍ය මූලික පරිසරය නිර්මාණය කර දුන්නේ මහින්ද තමයි. මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා 2005/06 අවුරුදු වලදි NIBM එකේ ඉගෙන ගත්ත සමකාලීනයන් 500කට වැඩිය. ඔවුන්ට මතක ඇති 2005 දී NIBM එකට එද්දි ඒක තිබ්බ භෞතික තත්ත්වය සහ ඊට අවුරුදු 4කට පස්සේ ඒකෙන් අපි ඉවත් වෙද්දි තිබ්බ තත්ත්වය. හෝමාගම හදලා ගිය අවුරුද්දේදි විවෘත කරපු NSBM Green University එක සිරිසේන බොසා සහ ඇමති මහින්ද සමරසිංහ ගිහිං එයාලගේ වගේ ඕපන් කළාට මොකෝ ඕක හදන්න අවශ්‍ය කරන සියළු මූලික දේවල් ටික ලබා දුන්නේ මහින්ද සහ ඒ කාලේ වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි පියසේන ගමගේ දෙන්නා. මහින්ද තමන්ගේ ආණ්ඩු කාලේදී සයිටම් එකටත් එහෙම්මම තමයි උදව් කළේ.


NIBM - Colombo

NIBM, NSBM දෙක රජයේ අදාළ වෘත්තීය ආයතනවල නිර්ණායකයන්ට අනුකූලව තමන්ගේ පාඨමාලාවන් කරගෙන ගියාට සයිටම් එකේ නෙවිල් මුදලාලි ඒ වැඩේ කළේ නැහැ. ඒ වෙනුවට බුවා කෙරුවේ ජිල්මාට් හරහා මහින්දගේ කාලේදී එස්.බී දිසානායක, සිරිසේනගේ කාලෙදි රාජිත සේනාරත්න වගේ තක්කඩි අල්ලගෙන තමන්ගේ කඩේ නීත්‍යානුකූල කරගන්න උත්සාහ කරන එක. මෙතනදී මහින්දව අල්ලගෙන ගහන එක ෆේස්බුක් බුජ්ජිමතුන් විසින් තමන්ගේ හාම්පුතාලගේ තුප්පහි දේශපාලනික අරමුණු සහ ඕනෑකම් වෙනුවෙන් කරන වැඩක්. මහින්ද ඉඳිරිපත් කරපු මහින්ද වින්තන ප්‍රතිපත්තිවලම තිබ්බා "Educational Hub" එකක් විදියට මේ රට දියුණු කරන්න. NIBM, NSBM වගේම සයිටම් එකත් ඒ වැඩේ කොටසක්. ඒකේ එකක ලොක්කා වෙච්ච නෙවිල් මුදලාලි තුප්පහි වැඩ කළාම ඒක මහින්දගේ වැරැද්දක් වෙන්නේ කොහොමද?


NSBM Green University - Homagama

ඒ නිසා සයිටම් කේස් එක හරි පාරට ගන්න වැඩේට මහින්දට එක්කහු වෙන්න පැහැදිලිවම අයිතියක් තියෙනවා! මොකද ඒක හදන්න උදව් කළේ මහින්ද. ඒවට අවශ්‍ය රාජ්‍ය අනුමැතිය අරගෙන දුන්නේ මහින්ද. මහින්දගේ උදව්වෙන් පටන් ගත්ත වැඩේ, මොකෙක් හරි තුප්පහියෙක් අල කරලා දැම්මම, ඒක පටන් ගත්ත එකා විදියට මහින්ද ආයේ ඒක ගොඩ දාන්න එන එකේ වැරැද්ද මොකක්ද?

මේ කිසි දෙයක් නොදැන හෝ බලෙන් අමතක කරලා දාලා, මහින්ද රාජපක්ෂ සයිටම් විරෝධී සටනට එකතු වෙච්ච එකට ෆේස්බුක් එකේ යුනිකෝඩ් වපුරන උගත් බුජ්ජිමත් ප්‍රජාව වෙනුවෙන්, විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්!!!

එච්චරයි...

No comments:

Post a Comment