Wednesday, June 7, 2017

නුඹයි පුතේ...



දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ,
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ,
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ,
සවලෙන් මෙදා මඩ ගන්නේ නුඹයි පුතේ... 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දේශපාලන මතවාදයට සහමුලින්ම වෙනස් මතයක් මම දැරුවත්, ලැබෙන පළවෙනි අවස්ථාවේදීම ඔවුන්ව දේශපාලනිකව පරාජය කරන්න සයිබර් අවකාශයේ මෙන්ම මහපොළොවේදීත් දිවිහිමියෙන් කටයුතු කෙරුවත්, කිසි දිනෙක ජනාධිපතිව විහිළුවට ලක්වෙන මෙවන් ඡායාරූප මගේ ෆේස්බුක් වෝල් එක හෝ පේජ් එක හරහා ලෝකයත් සමඟ බෙදානොගත්තෙමි. අවුරුදු 6කට ආසන්න මාගේ ෆේස්බුක් ජීවිතයේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේ ඉන්නා සියළුම දෙනා ඒ ගැන දන්නා බව මම දන්නෙමි. ඒ දේශපාලනිකව අපි හැසිරෙන ආකාරයයි.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශයේ අඳබාලයින්, ඔවුන් විසින්ම නිකුත් කරන ලදැයි කියන මේ ඡායාරූපය ෆේස්බුක් තුළ ශෙයා කරනා ෆේස්බුක් ප්‍රොෆයිල රිපෝට් කර බ්ලොක් කිරීමේ මෙහෙයුමක නිරතවෙනවානම්, ජනවාරි 08වෙනිදාට පෙර තොපේ මහ එකාලා උඩුබිරූ "භාෂණයේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහස මෙයද?" යනුවෙන් පමණක් මම තොපෙන් අසමි. ඉන් එහා තොපත් සමඟ අපිට කතාවක් නැත.

මාවත් රිපෝට් කරලා බ්ලොක් කරපං!!!
එහෙම කරලා බලපං දිනන්නේ තොපිද නැතිනම් අපිද කියලා!!!

No comments:

Post a Comment